Monday, May 25, 2020

Way to economics 05 (Sinhala)

ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ගැටලුව තාර්කිකව විශ්ලේෂණය කරයි.

හිඟකම සැම ආර්ථිකයකට ම පොදුවේ බලපාන කේන්ද්‍රීය ගැටලුවකි.
හිඟකම සාපේක්ෂ සංකල්පයකි. එනම්‌ මිනිස්‌ වුවමනා සමඟ සාපේක්ෂ ව සලකා බලන
සම්පත්‌ ප්‍රමාණවත්‌ නොවීම යි.
හිඟකම ගැටලුව පැන නඟිනුයේ සමාජයේ පවත්නා ප්‍රධාන ලක්ෂණ දෙකක්‌ නිසා ය. එනම්‌,

1. යම්‌ දෙන ලද අවස්ථාවක මිනිසුන්ගේ වුවමනා අසීමිත වීම
2. යම්‌ දෙන අවස්ථාවක එම වුවමනා සපුරා ගැනීමට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා

නිෂ්පාදනය සඳහා යොදාගත හැකි සම්පත්‌ ප්‍රමාණය සීමා වීම යි.
වෙළෙඳපොළක භාණ්ඩයක හිඟයක්‌ පැවතීම සම්පත්‌ හිඟකම නොව භාණ්ඩ තොග වෙළෙඳ
පොළට ළඟාවීමේ ප්‍රමාද දෝෂය මත ඇති වන්නකි. වෙළෙඳපළට තොග ළඟා වීමෙන්‌ පසු
ව එම තත්ත්වය මඟ හැරි යයි.
හිඟ සම්පත්‌ යොදා නිපදවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ වේ. ඒවායේ සැපයුම සීමා සහිත වේ.

ඉතා පිරිමැසුම්‌ ලෙස සම්පත්‌ භාවිතයට ගැනීම සම්පත්‌ කාර්යක්‍ෂම ලෙස උපයෝජනය
කිරීමක්‌ වන අතර වුවමනා අසීමිතව පවතින තාක්‌ කල්‌ සම්පත්‌ අරපිරිමැස්මෙන්‌ භාවිත කළ
ද හිඟකම නැමැති ගැටලුව විසඳිය නොහැකි ය.
හිඟකම ආර්ථික විද්‍යාවේ කේන්දීය ගැටලුව ලෙස සැලකෙන්නේ, පහත සඳහන්‌ හේතු නිසා
ය.

1. සියලු ආර්ථික කාරකයන්‌ මෙම ගැටලුව පොදු වේ.

2. ඕනෑ ම සමාජයක්‌ කුමක්‌, කොපමණ, කෙසේ, කා සඳහා නිපදවිය යුතු ද යන මූලික

ආර්ථික ප්‍රශ්නවලට පොදුවේ මුහුණ දෙන නිසා
3. හිඟකම සැම සමාජයකට ම පොදුවිම නිසා

සම්පත්‌ හිඟ සහ විකල්ප ප්‍රයෝජනවලින්‌ යුක්ත නිසාත්‌ මිනිසුන්ට තමා කැමැති වුවමනා
ඉටුකර ගැනීම වෙනුවට එක්‌ වුවමනාවක්‌ තේරිමට සිදු වේ.

නිදසුන්‌ ලෙස භූමිය තුළ කර්මාන්තශාලා ඉදිකිරීම, ගොවිතැන්‌ කිරීම සහ ක්‍රිඩා පිටි සැකසීම
වැනි විකල්ප ප්‍රයෝජන පවතින විට එම, විකල්පයන්‌ අතුරින්‌ කුමන විකල්පය තෝරා ගනු
ලබන්නේ ද යන්න තීරණය කිරීමට සිදු වේ.

මේ නිසා ප්‍රමුඛත්වයක්‌ දිය යුත්තේ කුමන වුවමනාවට ද, පසුව සපුරා ගැනීමට අපේක්ෂා
කරන වුවමනා කුමක්‌ ද යන්න පුද්ගලබද්ධ ව පෙළගැස්වීම සිදු කරයි.

ආර්ථිකයක කුටුම්බ, ව්‍යාපාරික ආයතන, රජය සහ වෙනත්‌ සංවිධාන විවිධ ආකාරයට
තේරීම කරයි.
ආර්ථික පද්ධතියක්‌ තුළ තේරීමේ ප්‍රශ්නය හටගන්නේ ,

1. සම්පත්වල පවත්නා හිඟකම හා
2. සම්පත්වල විකල්ප භාවිත හැකියාව මුල්‌ කරගෙන යි.

විකල්ප ප්‍රයෝජන අතුරින්‌ එක්‌ විකල්පයක්‌ තෝරාගත්‌ විට අනෙක්‌ විකල්ප අවස්ථා කැප
කිරීමට සිදු වේ.
මෙලෙස ' සම්පතක විකල්ප ප්‍රයෝජන අතුරින්‌ එක්‌ විකල්පයක්‌ තෝරාගත හොත්‌ ඒ
වෙනුවෙන්‌ කැප කරන ඊළඟ හොඳ ම විකල්පයේ වටිනාකම ආවස්ථික පිරිවැය නමින්‌
හඳුන්වයි.
ආවස්ථික පිරිවැය, මූර්ත පිරිවැය ලෙස ද ආර්ථික පිරිවැය ලෙස ද හඳුන්වයි.
නිදසුන්‌
කලින්‌ සඳහන්‌ කළ නිදසුනේ භූමිය තුළ කර්මාන්තශාලාවක්‌ ඉදි කිරීම, ගොවිතැන්‌ කිරීම සහ
ක්‍රීඩා පිටි සැකසීම වැනි විකල්ප ප්‍රයෝජන පවතින විට, පුද්ගලයකු ඉහත භූමියේ විකල්ප

ප්‍රයෝජන ඔහුගේ ප්‍රමුඛතාව මත පෙළගැස්වූ විට,

1 කර්මාන්තශාලාවක්‌ ඉදි කිටීම
2 ගොවිතැන්‌ කිරීම
3 ක්‍රිඩා පිටිය ඉදි කිරීම වේ නම්‌

ඉහත භූමියේ විකල්ප ප්‍රයෝජන අතරින්‌ ඔහු කර්මාන්තශාලාවක්‌ ඉඳිකිරීම තෝරාගත්‌ විට
ඊළඟට ඔහු කැප කරන හොඳ ම විකල්පය වන්නේ ගොවිතැන්‌ කිරීම නම්‌
කර්මාන්තශාලාවක්‌ ඉදි කිරීමේ ආවස්ථික පිරිවැය වන්නේ ගොවිතැන්‌ කිරිමෙන්‌ ලැබෙන
අස්වැන්න සි.

ආවස්ථික පිරිවැය ධන සංකල්පයක්‌ වන අතර ආවස්ථික පිරිවැය ධන අගයක්‌ ගන්නේ
ආර්ථික භාණ්ඩ සම්බන්ධයෙන්‌ පමණි.

 තේර්ීමක ආවස්ථික පිරිවැය සම්බන්ධයෙන්‌ වැදගත්‌ කරුණු කිහිපයකි.

1. ආවස්ථික පිරිවැය මූල්‍ය සංකල්පයක්‌ නොව මූර්ත සංකල්පයකි.
එනම්‌ ආවස්ථික පිරිවැය පෙන්වන්නේ විකල්ප අතරින්‌ එක්‌ විකල්පයක්‌ තෝරාගන්‌
විට අහිමි වන ඊළඟ හොඳ ම විකල්පයේ මූර්ත වටිනාකම යි. එහි මූල්‍ය වටිනාකම
නොවේ.
2. ආවස්ථික පිරිවැය ආත්මගත සංකල්පයකි. එනම්‌ ආවස්ථික පිරිවැය ප්‍රකාශ කළ
හැක්කේ එම තේටීම කරන පුද්ගලයාට පමණි. එය පුද්ගලයාගෙන්‌ පුද්ගලයාව
වෙනස්‌ වේ.
3. ආවස්ථික පිරිවැය නිසා බාහිර පිරිවැයක්‌ ද හට ගනියි.

ආවස්ථික පිරිවැය ශන්‍ය අගයක්‌ ගන්නා අවස්ථා කිහිපයකි.

1. සම්පත්‌ අසීමිත ව පවතින විට ( ආර්ථික නොවන භාණ්ඩ තිබීම)
2. කිසියම්‌ සම්පතකින්‌ විකල්ප ප්‍රයෝජන නොමැති විට
3. සම්පත්‌ සේවා වියුක්ත ව පවතින විට

1 comment:

විවිධ නිර්ණායක භාවිත කරමින් ආර්ථීක පද්ධති වර්ග කරයි. ආර්ථීක පද ්ධතියක් ක්‍රියාත්මක වන්නේ නීතිරීති , සම්ප්‍රදාය , සිරිත් විරිත් යනාදි...