මූලික ආර්ථික ගැටලු විසඳීම සඳහා සංවිධානය වන ක්‍රම විශ්ලේෂණය කරයි.
මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සමාජයක් තුළ ජීවත් වන මිනිසුන් විසින්
නිර්මාණය කරනු ලැබ ඇති යන්ත්‍රණය හෙවත් ආයතනික වැඩ පිළිවෙළ ආර්ථික පද්ධතියක්
හෙවත් ආර්ථික සංවිධානයක් ලෙස හැඳින් වේ.
ආර්ථික පද්ධතියක දී මිනිසා විසින් සකසා ගන්නා නීති මාලාවකට අනුව එහි ඇති ආයතන
සමූහයක් ක්‍රියාත්මක වේ.
එම ආයතන මිනිසුන් ගෙන් සමන්විත සජිව ඒකක වන අතර, ඒ නිසා ම එහි ක්‍රියාකාරිත්වය
ද සක්‍රිය වූවකි.
භෞතික පද්ධතියක් තුළ පවත්නා ස්වාභාවික වස්තු මෙන් ආර්ථික පද්ධතියක් තුළ දක්නට
ලැබෙන වස්තු වන්නේ එහි පවත්නා ආර්ථික ආයතන ය.
මෙම ආර්ථික ආයතන ආර්ථික පද්ධතියක මූලිකාංග, ආයතනික ලක්ෂණ ආදි නම්වලින් ද
හැඳින්වේ.
ඒ ඒ රටවල පවතින සමාජ, සංස්කෘතික සහ එෙතිහාසික රටාවන් මත විවිධ ස්වරූපයේ
ආයතනික රටාවන් ඒ ඒ ආර්ථිකයන්හි දෘකිය හැකි ය.
එවැනි වෙනස්කම් පැවතිය ද පොදුවේ ගත් විට ආර්ථික පද්ධතියක දක්නට ලැබෙන
මූලිකාංග කිහිපයක් පහත දුක් වේ.
කුටුම්බ
ආණ්ඩුව
ව්‍යාපාරික අංශය
කම්කරු සංවිධාන
රාජ්‍ය නොවන සංවිධාන
වෙළෙඳපොළවල්
සානුබල
නෛතික ව්‍යුහය
සිරිත් විරිත් සාම්ප්‍රදායන් හා සංස්කෘතිය
මෙම මූලිකාංගයන් අතුරෙන් ආර්ථික පද්ධතියක තීරණගැනීම හා සම්බන්ධ වන විශේෂ
පාර්ශ්ව වන්නේ කුටුම්බ, ආණ්ඩුව, ව්‍යාපාරික අංශය, කම්කරු සංවිධාන සහ රාජ්‍ය නොවන
සංවිධාන ආදිය යි.
ආර්ථික පද්ධතියක ඇති වැදගත්ම ආයතනික ලක්ෂණයක් වන්නේ කුටුම්බ ය.
එක ම අයවැයකින් එක ම ගෘහයක් තුළ එකට වාසය කරන පිරිසක් කුටුම්බයක් සේ
සැලකේ.
විවිධ සමාජවල සිටින කුටුම්බ එක්කෝ න්‍යෂ්ටික පවුල්, එසේත් නැතිනම් විස්තෘත පවුල්
විය හැකි ය.
කුටුම්බයන් එක් අතකින් ශ්‍රම සැපයුම්කරුවන් වන අතර, නිෂ්පාදනය කරනු ලබන
බොහෝ භාණ්ඩ හා සේවා සඳහා පාරිභෝගිකයන් වන්නේ ද කුටුම්බ ය.
එසේ ම නිෂ්පාදන සාධක පිළිබඳ අයිතිය ද කුටුම්බයන් සතු ය.
ආර්ථික පද්ධතියක කුටුම්බ විසින් ඉටු කරනු ලබන වැදගත් කාර්යභාර පවතී.
කුටුම්බ විසින් ගනු ලබන ආර්ථික තීරණ ලෙසින් සැලැකෙන්නේ ද කුටුම්බයන්ගේ එම
කාර්යභාර ය.
එම කාර්යභාරය පහත දක් වේ.
1. සාධක සැපයීම පිළිබඳ තීරණ ගැනීම
2. භාණ්ඩ හා සේවා මිල දී ගැනීම පිළිබඳ තීරණ ගැනීම
3. ආදායමෙන් කොපමණ පාරිභෝජනය කරන්නේ ද කොපමණ ඉතිරි කරන්නේ ද
යන්න තීරණය ගැනීම
සැම රටක ම කුමන හෝ ස්වරූපයක ආණ්ඩුවක් පවතින අතර එය සතු ව විශාල
කාර්යභාරයක් ද පවතී.
ආණ්ඩුවක් සතු කාර්යභාරය පහත දුක් වේ.
1. ආර්ථික හා පෞද්ගලික අයිතිවාසිකම් ආරක්ෂා කරදීම
2. කර්මාන්ත හා ව්‍යාපාර නියාමනය කිරීම
3. භාණ්ඩ හා සේවා සැපයීම
4. ආදායම් පුනර්ව්‍යාප්තිය
5. නීතිරිති හා ව්‍යවස්ථාවන් සැකසීම
ආර්ථිකයක විවිධ ස්වරූපයේ ව්‍යාපාරික ආයතන පවතී.
නිදසුන්:-: පෞද්ගලික ආයතන , සමුපකාර , රාජ්‍ය ආයතන
ව්‍යාපාරික අංශය සතු කාර්යභාරයන් පහත සඳහන් පරිදි දුක්විය හැකි ය.
1. නිෂ්පාදන සම්පත් මිල දී ගැනීම
2. කුමක්, කොපමණ , කෙසේ , කා සඳහා නිපදවන්නේ ද යන්න තීරණය කිරීම
3. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම
4, සාධාරණ මිලකට භාණ්ඩ හා සේවා අලෙවි කිරීම
ශ්‍රමිකයන් විසින් ගොඩනගා ගනු ලබන කම්කරු සංවිධානවල කාර්යභාර කීපයක් පහත
දුක්වේ.
1. සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කිරීම
2. සේවා නියුක්තිය, නිෂ්පාදනය තාක්ෂණය හා වැටුප් මට්ටම් කෙරෙහි බලපෑම් ඇති
කිරීම
නූතන ආර්ථිකයන්හි වර්ධනය වෙමින් පවතින රාජ්‍ය නොවන සංවිධාන සතු කාර්යභාර
රැසක් පවතී.
නිදසුන්:-: - දිළිඳුකම තුරන් කිරීම
- පරිසර සංරක්ෂණය
- මානව අයිතිවාසිකම් (හිමිකම්) ආරක්ෂා කිරීම
- ස්වාභාවික ආපදා තත්ත්වයන් දී අවතැන් වූ ජනතාවගේ සුභසාධනය
වෙනුවෙන් කටයුතු කිරීම.
No comments:
Post a Comment